ශ්‍රී ලංකාවෙන් අඩුම මිලකට ගන්න පුළුවන් හොඳම කැමරා



                 කැමරාවක් කිව්වා ගමන්  ඔබගේ මතකයට එන්නේ තරමක් කුඩා ප්‍රමාණයක කැමරාවක්(compact camera) හෝ තරමක් විශාල ප්‍රමාණයක කැමරාවක්(dslr camera or mirrorless mirrorless camera) විය හැකියි.මේ කුමන වර්ගයේ  කැමරාවක් වුවද ලබා ගන්නට යම් මුදලක් වැය කරන්නට ඔබට සිදුවනවා.එම නිසා සාධාරණ මුදලට කැමරාවක් මිලදී ගත යුතුයි.කෙසේ නමුත් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේදී අඩු මිලකට මිලදී ගත හැකි හොඳම dslr කැමරා සහ mirrorless කැමරා කීපයක් පිළිබඳවයි.

1. Nikon d5500

24.2 MP DX-ෆෝර්මැට් CMOS සෙන්සරයක් සහිත මෙම කැමරාවට ලක්ෂ්‍ය 39ක auto focus පද්ධතියක්ද හිමියි.මෙම කැමරාවට චායාරූප ගැනීමේදී තත්පරයට රූපරාමු 5ක් ගත හැක(5fps).මෙහි iso අගයද ඉතා ඉහල අගයක පවතී (100-25600).තව දුරටත් විග්‍රහ කළහොත් එම කැමරාව ස්පර්ශ සංවේදන තිරයකින්ද සමන්විතයි. මෙහි වීඩියෝ පහසුකමද ඉතා හොඳ තත්වයක පවතී(1080p/60p HD). මෙම කැමරාව වයි-ෆයි තාක්ෂණයෙන් අනෙකුත් ඩිජිටල් උපකරණ සමඟ සම්බන්ධ කල හැක.මෙම කැමරාව නිකුත් කරන්නේ 2015 ජනවාරි මාසයෙද්යි.මෙය cameralk එකෙන් ඔබට රුපියල් 98,500 පමණ මිලදී ගත හැක.මෙය සමඟ ඔබට මිලි මීටර් 18-55 කිට් ලේන්සයක්ද හිමි වේ.

2.Sony a6000


මෙය sony සමාගම මගින් නිකුත් කල ඇති සාර්ථකව විකිණුන කැමරාවක් ලෙස හැඳින්විය හැක.ප්‍රථමයෙන් කිවයුතු කාරණය වන්නේ මෙය mirrorless කියන කැමරා වර්ගයට අයත් කමරාවකි.බොහෝ දෙනෙක් සිතා සිටින්නේ dslr වලට සාපේක්ෂව mirrorless කැමරා පහලින් සිටින බවයි. නමුත් එය අමූලික බොරුවකි.මන්ද mirrorless කැමරා dslr කැමරා සමඟ කරට කර තරඟයක යෙදී සිටින බැවිනි.මෙම කැමරාව ගැන කියතොත් මෙම කැමරාව මෙගා පික්සෙල් 24.3 ක APS-C EXMOR APS HD CMOS සෙන්සරයකින් සමන්විතයි.මෙහි BIONZ X ප්‍රොසෙසරයක්ද සහිතයි.මෙහි වීඩියෝ පටිගත කිරීම සම්බන්ධව කියන්න වචන නැති තරම්ය මන්ද මෙහි 2104 වෙළඳපොළේ පැවති හොඳම auto focusing sytem එක සමඟ FULL HD පහසුකමද ඇත.තවද මෙම කැමරාවට තත්පරයකට රූපරාමු 11 ක්ම ගත හැක. මෙය මෙම කැමරාව තැබූ යෝධ පියවරකි.මේ කැමරාව නිකුත් වන්නේ 2104 පෙබරවාරි මාසයෙද්යි.මෙහි iso අගය 25600 දක්වා ඉතා පුළුල් පරාසයක පැතිර පවතී.මෙම කැමරාව cameralk ආයතනයෙන් රුපියල් 88,500 පමණ මිලදී ගත හැක.මෙය මිලදී ගැනීමේදී ඔබට මිලි මීටර් 16-50 ක කිට් ලේන්සයක් ලැබේ.

3.Nikon d3400
මෙම කැමරාව අද වෙළඳපොළේ දක්නට ලැබෙන අඩුම මුදලකට ගත හැකි කැමරාවක් හඳුන්වන්නට පුළුවන්. මෙහි මිල අඩුවුනාට මෙහි විශේෂාංග අනිත් කැමරා සමඟ තරංග කිරීමට තරම්ම ප්‍රභලයි.එපමණක් නොව මෙය වෙළඳපොළට නිකුත් වී තවම ගතවී ඇත්තේ වසර දෙකකි.එනම් මෙය නිකුත් වුයේ 2016 අගෝස්තු මාසයෙද්යි.


මෙම කැමරාවට ඇත්තේ මෙගා පික්සෙල් 24.2 DX-Format CMOS සෙන්සරයකි.මෙහි ඇත්තේ EXPEED 4 ඉමේජ් ප්‍රොසසරයකි.මෙහි ISO අගය 100-25600 දක්වා පුළුල් පරාසයක පැතිර යයි.මෙම කැමරාවට තත්පරයට රූපරාමු 5 ක් ගත හැක.තවද මෙම කැමරාවට ලක්ෂ්‍ය 11 ක AUTO FOCUS පද්ධතියක්ද හිමියි.මෙය බ්ලුටූත් තාක්ෂනය මගින් අනෙකුත් ඩිජිටල් උපාංග හා සම්බන්ධ කල හැකියි.මෙම කැමරාව ලංකාව තුළ විවිධ මිල ගණන් වලට මිලදී ගත හැක.cameralk ආයතනයෙන් මෙම කැමරාව පමණක් රුපියල් 57,500 කට පමණ මිලදී ගත හැක.

4.Canon 700d 


මෙම කැමරාවට වෙළඳපොළේ ඇති ඉල්ලුම ඇති විශාලයි. එමනිසා මෙම ලිපියට මෙම කැමරාවද ඇතුලත් කිරීම හොඳ යයි හැඟුණි.මෙම කැමරාව වෙළඳපොළට පැමිණ යම් කිසි කාලයක් ගත වුවද මෙයට ඇති ඉල්ලුමනම් තවම අඩු වී නැත.මෙම කැමරාව වෙළඳපොළට නිකුත් වුයේ 2013 වසරේ මාර්තු මාසයේදීයි.මෙම කැමරාවට ඇත්තේ මෙගා පික්සෙල් 18 APS-C CMOS සෙන්සරයකි.මෙහි ISO අගය 100-12800 ක පරාසයක පැතිර පවතී. මෙම කැමරාවට තත්පරයට රූපරාමු 5ක් ගත හැක.මෙම කැමරාවට HD පහසුකම යටතේ වීඩියෝ කල හැක.මෙය ඉතාම අඩු මිලකට ගත කමරාවකි.මෙහි මිල නිවැරදිව සටහන් නොවුවත් මෙහි මිල අනෙක් කැමරාවලට සාපේක්ෂව බොහොම අඩුයි. ලිපිය පිළබඳ ගැටළු වේ නම් පහත comment section එකේ comment එකක් දමන්න. දිගටම kathawa1 බ්ලොග් එකත් එක්ක ඉන්න.



                                තවත් මෙවැනි ලිපියක්න් හමුවෙමු.
                            මතු සම්බන්ධයි....

Comments

Popular posts from this blog

ඇල්බට් අයින්ස්ටයින්